විදේශ රැකියා ලබාදෙන බව පවසමින් හිටපු අමාත්‍යවරයෙකුගේ හිතවතුන් පිරිසක් මුදල් වංචා කළ බවට පිටිගල ප්‍රදේශයේ තරුණයින් චෝදනා කරනවා.
ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔවුන් මෙම වංචාව සම්බන්ධයෙන් හෙළිකළා.
විදේශ රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ප්‍රමාණයෙන් මුදල් ලබාගත් බවට ඔවුන් පවසනවා.
ඔවුන් ප්‍රකාශ කළ පරිදි විදේශ රැකියා නොලැබුණු බවත් ඒ සඳහා ලබාගත් මුදල් යළි තමන් වෙත ලබා නොදුන් බවත් ඔවුන් පවසනවා.
මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ද පැමිණිලි කර තිබෙනවා.
එහෙත් තවමත් නිසි පිළිතුරක් නොලැබෙන බවටයි මෙම තරුණයින් පවසන්නේ.
මේ අතර E8 වීසා ක්‍රමය නීත්‍යානුකූල ක්‍රමවේදයක් නොවන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසනවා.
මේ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ද අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැහැදිලි කළා.