2021 වසරේ දී බේස්ලයින් මාර්ගයේ දී රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.
මෙම නඩුව අද (26) කැඳවු අවස්ථාවේ අදාළ වෛද්‍යවරයා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
ඒ අනුව වරෙන්තු නිකුත් කළ අධිකරණය වරෙන්තුව යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මගින් ක්‍රියාත්මක කරන ලෙස ද නියෝග කළා.