ලෙබනනයේ සටන් විරාම එකඟතාව සම්බන්ධයෙන් ඊශ්‍රායලය කැබිනට් මණ්ඩලය විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ලෙබනනයේ හිස්බුල්ල සංවිධානය සමග පවත්නා යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවීම සඳහා ඊශ්‍රායලය සුදානම් වනවා.
ඒ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමටයි මෙම විශේෂ සාකච්ඡාව කැඳවා ඇත්තේ.
දින 60ක කාලයක් සඳහා මෙම සටන් විරාමය යෝජනා වී ඇති අතර දැනට ලෙබනනයට ඇතුලු වී සිටින ඊශ්‍රායලය භටයින් ඉවත් කර ගැනීම ද සිදුවනු ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඊශ්‍රායලය ලෙබනන දේශසීමාවට කිලෝ මීටර 30ක් පමණ ආසන්නයේ රඳවා ඇති හිස්බුල්ලා භට කන්ඩ ඉවත් කර ගැනීම ද සිදුවනු ඇති බවට වාර්තා පළ වනවා.