මී උණ රෝගය වැළැක්වීමට ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට අවධාරණය කෙරෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ පමණක් මේ වසර තුළ මී උණ රෝගයෙන් 22 දෙනෙකු මිය ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් මේ වසර තුළ වාර්තා වී ඇති මී උණ රෝගීන්ගේ සංඛ්‍යාව 1882ක්.
ගොවිතැනට අමතරව පතල් කර්මාන්තය මෙම තත්ත්වයට බලපාන්නට ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
මී උණ පිළිබදව ජනතාව දැනුවත් කිරිමේ මසක වැඩසටහනක් සංවිධාන කර ඇති බව සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසනවා.
පළාත් සභා පරිශ්‍රයේ පැවති වැඩසටහනක දී ඒ මහතා තවදුරටත් කියා සිටියේ මී උණ රෝගය මීයන්ගෙන් පමණක් නොව ගවයන් වැනි සතුන්ගේ මුත්‍රාවලින් ද බෝවිය හැකි බවයි.
ශරීරයේ කැපුම් සීරුම් තුවාලවලින් මී උණ බැක්ටීරියාව ශරීර ගත විය හැකියි.
උණ, මස්පිඩු වේදනාව, ඇස් රතුවීම, වමනය, හිසරදය, අප්‍රාණිකත්වය, මුත්‍රා අඩුවෙන් පිටවීම, මුත්‍රා තද කහ පැහැ වීම හෝ මුත්‍රා සමග ලේ පිටවීම මෙහි රෝග ලක්ෂණ අතර වනවා.
කුඹුරු හෝ පතල් වැඩ ආරම්භ කිරීමට සතියකට පෙර රෝගය වැළැක්වීමේ ඖෂධය ලබා ගත හැකි බවයි අවධාරණය කෙරෙන්නේ.