මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (25) දින රාත්‍රියේ සිට පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශය පුරා ඝන මිදුම් තත්ත්වයක් පවතින බව අප වාර්තාකරු සඳහන් කරනවා.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කිතුල්ගල සිට හැටන් දක්වාත්, හැටන් සිට නුවරඑලිය සහ අතුරු මාර්ගවල මෙම ඝන මිදුම් තත්ත්වය පැවතිම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.
පවතින ඝන මිදුම් තත්ත්වය සහ අධික වර්ෂාව හේතුවෙන් එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදි ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වා සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසන්නේ.