ට්‍රම්ප් එරෙහි මැතිවරණ නඩුව විනිසුරුවරයා නිෂ්ප්‍රභ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
2020 මැතිවරණය අවලංගු කිරීමට නීති විරෝධී ලෙස උත්සාහ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබුණේ.
ඊට එරෙහි ප්‍රධාන නඩුවක් ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා.
ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජැක් ස්මිත් පෙන්වා දුන්නේ බලයට පත්ව සිටින ජනාධිපතිවරයෙකුට නඩු පැවරීම තහනම් බවයි.
අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තියක් උපුටා දක්වමින් ඔහු වැඩිදුරටත් ලියා සිටියේ අදාළ චෝදනා ඉවත් කරන ලෙසයි.
විනිසුරු ටාන්යා චුට්කන් මෙම නඩුව අගතියෙන් තොරව නිෂ්ප්‍රභ කළ බව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ට්‍රම්ප් ඔහුගේ දෙවන ධුර කාලය අවසන් වූ පසු ඔහුට එරෙහිව යළි එම චෝදනා නැවත ගොනු කිරීමේ හැකියාවක් පවතිනවා.