බුත්තල ගෝනගංආර පොලිස් වසමේ යාල වනෝද්‍යානයේ කළාප අංක හතර ප්‍රදේශයේ ගංජා හේන් හතක් වටලා සැකකරුවන් 2ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ගංජා වගාවන්වල ඉතාමත්ම සරුවට වගා කර තිබූ ගංජා ගස් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් කෝටි
දෙකකට අධික බවයි පොලිසිය පවසන්නේ.
වැටලීමේ දී සැකකරුවන් 2ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරුවන් ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ගෝනගංආර විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.