උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වනවිට බාධා එල්ල වී තිබෙනවා.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් එම මාර්ගයේ බදුල්ල සහ බණ්ඩාරවෙල අතර කොටසට පස් කන්ඩි කඩාවැටීම සහ ගල් පෙරලීමේ හේතුවෙන් මෙම බාධාව මතුව ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්රි තැපැල් දුම්රිය මේ හේතුවෙන් දැනට නානුඔය දුම්රිය ස්ථානයේ නවතා තබා ඇති බවත් , බදුල්ල සිට කොළඹ කොටුව බලා අද (26) අලුයම 5.45ට ධාවනය වීමට නියමිතව තිබූ උඩරට මැණිකේ දුම්රිය මෙතෙක් ගමන් ආරම්භ නොකල බවද නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති පස්කදු, ගල්, ගස්කොළන් ඉවත් කිරිමට තව පැය කීපයක් ගත වන බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය ප්රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.