ඉන්දීය ප්රිමියර් ලීග් ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්රීඩකයා වීමට බිහාර් ප්රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සමත්ව තිබෙනවා.
සෞදි අරාබියේ ජෙඩා නුවරදී ඊයේ (25) පැවැති IPL වෙන්දේසියේදී වෛභව් සූර්යවංශිව ඉන්දීය රුපියල් කෝටි 1.1 කට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබුවා.
අවුරුදු 13 දින 243 ක් වයසැති වෛභව් සූර්යවංශි මිලදී ගැනීම සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායාම සහ රාජස්ථාන් රෝයල්ස් ලංසු යුද්ධයකට එළැඹි අතර අවසානයේදී ඉන්දීය රුපියල් කෝටි 1.1 ක මුදලකට සූර්යවංශි අලෙවි වුණා.
IPL ඉතිහාසයේ ක්රීඩක වෙන්දේසියට ඉදිරිපත්වූ ළාබාලතම ක්රීඩකයා වන්නේද වෛභව් සූර්යවංශි වීම විශේෂත්වයක්.
සයෙඩ් මුෂ්ටාක් අලී කුසලානයේදී සිය පළමු පෙළ මංගල එක්දින ක්රීඩා තරඟය ක්රීඩා කරමින් පසුගියදා වෛභව් සූර්යවංශි ක්රිකට් පිටියට අවතීරණ වුණා.