ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්රයේ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.
විදුලි සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම හා පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීමට මෙමගින් අපේක්ෂා කෙරෙනවා.
ශ්‍රී ලංකාව 2016 වසරේදී නිවාස සඳහා විදුලිබලය සැපයීම 100%ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත්වුණා.
එසේම මෙරට විදුලිබල ඉල්ලුම 2023 වසරේදී උපරිමය වාර්තාකළ අතර එය මෙගාවොට් 2800ක්.
ඒ සඳහා පුනර්ජනනීය බලශක්තියෙන් ද සැලකිය යුතු දායකත්වයක් ලැබී තිබුණා.
එය 2030 වනවිට සැලකිය යුතු ලෙස වර්ධනය වෙතැයි අනුමාන කෙරෙනවා.
2023 දී මෙරට විදුලිබල උත්පාදනය ට 50%ක පමණ දායකත්වයක් ලබාදී තිබුණේ තාප බලාගාර මගින්.
මෙම අරමුදල් සැපයීම තුළින් නව ව්‍යාපෘති ඔස්සේ විදුලිබල උත්පාදනයට පුනර්ජනනීය මූලාශ්‍ර ඔස්සේ ලැබෙන දායකත්වය වර්ධනය කිරීමට අපේක්ෂිතයි.