කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ අදහසකට අනුව අමාත්‍යාංශයේ මහජන දිනය නැවතත් ක්‍රියාත්මක කිරීම අද උදෑසන (25) ආරම්භ වී තිබෙනවා .
2020 වසරේදී අවසන් වරට ක්‍රියාත්මක කළ අමාත්‍යාංශයේ මහජන දිනය වසර 4කට පසුව නැවත ක්‍රියාත්මක කිරීම විශේෂත්වයක් .
සෑම සඳුදා දිනකම උදෑසන 9 සිට දහවල් 1 දක්වා මහජන දිනය පැවැත්වෙන අතර ඕනෑම අයෙකුට තම ගැටළු විසඳා ගැනීම සඳහා විශයභාර අමාත්‍යවරයා , අමාත්‍යාංශ ලේකම් ඇතුළු අනෙකුත් නිලධාරීන් හමුවීමේ අවස්ථාව හිමිවන බවයි සඳහන් වන්නේ .
අද (25) දින පැවැත්වූ මහජන දිනය සඳහා ක්ෂුද්‍ර පරිමාණ – සුළු පරිමාණ – මධ්‍ය පරිමාණ හා මහා පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින්, විශ්‍රාමික රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් මේ වන විට තමන් මුහුණ දෙමින් සිටින විවිධ ගැටලු වලට විසඳුම් සොයා පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ .
මෙහිදී විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ විවිධ ප්‍රශ්ණ හා ගැටළු වලින් සමහරක් සඳහා සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍යාංශ නිලධාරීන් විසින් ක්ෂණික විසඳුම් ලබාදුන් අතර ඉදිරිපත් වූ සමහර ගැටලු අදාළ වගකීව යුතු ආයතන වෙත ඉදිරිපත් කර විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා ..
මෙම මහජන දිනය සඳහා අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු ඇතුළු අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් රැසක් සහභාගි වී තිබෙනවා .