ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස බලකරමින් විරෝධතාවයේ නිරත පාකිස්ථාන විරෝධතාකරුවන් එරට පොලිසිය සමඟ ගැටුමක් ඇතිකර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවරට රැස්ව විරෝධතාවයේ නිරත වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
72 හැවිරිදි ඉම්රාන් ඛාන් දූෂණ චෝදනා සම්බන්ධයෙන් වසර තුනක සිරදඬුවමක් විඳිමින් සිටිනවා.
කෙසේ වෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
මේ වනවිට ඉස්ලාමාබාද් අගනුවරට පිවිසීම වළක්වා ඇති අතර අධිවේගී මාර්ග මෙන්ම ජංගම දුරකථන හා අන්තර්ජාල සේවා ද අත්හිටුවා තිබෙන බවයි එරට මාධ්‍ය සඳහන් කළේ.
ඊයේ ආරම්භ වූ පාගමනේදී පොලිසිය විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර සිය ගණනක් අත්අඩංගුවට ගත්තා.
ඉම්රාන් ඛාන්ගේ බිරිඳ හා හිටපු ජනාධිපති ආර්යාව වන බුෂ්රා බීබී විරෝධතා රැලි මෙහෙයවන අය අතර වනවා.