පිලිපීනයේ මැනිලා අගනුවර පැල්පත් නිවාස පිහිටි ප්‍රදේශයක ඇති වූ ගින්නකින් නිවාස 1000ක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ එක් නිවසක දෙවන මහලෙන් ආරම්භ වූ ගින්න අනෙක් නිවාස වලටද පැතිර ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පැය අටක පමණ කාලයක් ගින්න පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
මියගිය හෝ තුවාල ලැබූවන් පිළිබඳ මෙතෙක් තොරතුරු හෙළිව නැහැ.
අවතැන් පවුල් 2,000 ක් පමණ මේ වනවිට ආරක්ෂි ත ස්ථාන වල රඳවා සිටිනවා.
මැනිලා වරායට ආසන්න ප්‍රදේශයේ ගොඩනඟා ඇති පැල්පත්වලයි ගින්න හට ගත්තේ.
ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන රථ හා ගිනි නිවන බෝට්ටු විශාල සංඛ්‍යවක් යොදවා ඇති අතර පිලිපීන ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා දෙකක් ද යොදවනු ලැබුවා.
පිලිපීන අගනුවර චයිනාටවුන් දිස්ත්‍රික්කයේ ගින්නකින් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගොස් මාස කිහිපයකට පසුවයි මෙය වාර්තා වුණේ.