E8 වීසා සම්බන්ධයෙන් රට තුළ වැරදි මතයක් ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ දරමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝෂල වික්රමසිංහ මහතා පවසනවා.
දකුණු කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් E-8 වීසා ලබාගත් පිරිසක් බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරිපිට රැස්වී විරෝධතාවයක නිරත වනවා
දකුණු කොරියානු E-8 වීසා යනු එරට විශේෂයෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්රයේ කෙටිකාලීන රැකියා සඳහා නිකුත්කරන වීසා බලපත්රයක් වන අතර එහි වලංගු කාලය මාස 6 පමණ වනවා
ගැටලුවට මුහුණ දී ඇති පිරිස පවසන්නේ එම වීසා හෙට (26) වනවිට අවලංගු වන බවයි