2024 නොවැම්බර් මාසයේ පළමු දින 20 තුළදී විදෙස් සංචාරකයින් 120,961ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
නොවැම්බර් මාසයේ මේ දක්වා වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 26,717ක්.
ඒ අනුව මෙම වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 1,741,676ක්.
මෙම වසර අවසානය වනවිට සංචාරක පැමිණීම් මිලියන දෙකක වාර්ෂික ඉලක්කය සපුරා ගැනීම සංචාරක කර්මාන්තයේ බලාපොරොත්තුවයි.