උරුගුවේ ජනාධිපතිවරණයෙන් යමණ්ඩු ඔර්සි ජයග්‍රහණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ආණ්ඩු පක්ෂයේ අපේක්ෂක අල්වාරෝ ඩෙල්ගාඩෝට එරෙහිව පැවති තියුණු තරඟයකින් වාමාංශික අපේක්ෂක යමණ්ඩු ජයග්‍රහණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඔහු හිටපු නගරාධිපතිවරයෙක් හා ඉතිහාස ගුරුවරයෙකු ද වනවා.
ඔර්සිගේ ආධාරකරුවන් මොන්ටෙවීඩියෝ අගනුවර වීදි බැස ජයග්‍රහණය සැමරූ ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය විකාශය කළා.
ඔර්සිගේ ජයග්‍රහණය බ්‍රසීලය හා ආර්ජන්ටිනාව අතර අත්ලාන්තික් වෙරළ තීරයේ පිහිටි උරුගුවේ රාජ්‍ය සංවර්ධනය කරා ගෙන යාමේ තවත් පියවරක් බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
2005 සිට 2020 දක්වා වසර 15ක් බ්‍රෝඩ් ෆ්රන්ට් විසින් උරුගුවේ ජනාධිපති ධුරය හෙබවූවා.
2019 මැතිවරණයෙන් වත්මන් ජනාධිපති ලුවිස් ලකල්ලේ ජයග්‍රහණය කිරීමත් සමඟ එම පාලනය බිඳ වැටුණා.