ඉන්දීය සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව නව වැඩසටහන් දියත් කර තිබෙනවා.
මෙරට සංචාරය කරන ඉන්දිය සංචාරකයින් සංඛ්‍යාව වැඩි කර ගැනීමේ අරමුණින්, ශ්‍රී ලංකාව නව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ඉන්දීය සංචාරකයින් සඳහා සුවිශේෂී පැකේජයක් හඳුන්වා දී තිබෙනවා.
හින්දු වීර කාව්‍යය වන රාමායනය හා සම්බන්ධ මෙරට වැදගත් ස්ථාන 50 ක් ඇතුළත් “රාමායණ මංපෙත” හංදුන්වාදීමටයි ඒ අනුව කටයුතු කර ඇත්තේ.
සීතා මාතාව වහල්භාවයේ සිටියදී වන්දනාමාන කළ බව පැවසෙන සීතා අම්මාන් දේවාලය, හනුමාන් විසින් හෙළන ලද හිමාලයේ කොටසක් යැයි සැලකෙන රූමස්සල කන්ද දක්වා මීට ඇතුළත්.
ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හි ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නට්ල් පැවසුවේ මෙම සංකල්පය ප්‍රවර්ධනය කර ඉන්දියාවට රාවණා මංපෙත විවෘත වීම ගැන ආඩම්බර වන බවත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය නව තලයකට ගෙන ඒමට මෙමගින් හැකිවනු ඇති බවයි.