ගංගා ද්‍රෝණි 12ක ගංවතුර අවදානම තවදුරටත් පවතින බැවින් ඒ ආශ්රිත පදිංචිකරුවන් දැඩි අවදානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
ඒ අනුව, මල්වතු ඔය, කලා ඔය, කනගරායන් ආරු ඔය, මා ඔය, පරංගි ආරු ඔය යන ගංගා ද්‍රෝණි සදහා එලෙස ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම මහවැලි ගඟ, මාදුරු ඔය, මුන්දෙණිආරු, ගල් ඔය, හැඩඔය සහ විල ඔය යන ගංගා ද්‍රෝණි සඳහා ද එම නිවේදනය බලාත්මකයි.
එබැවින් එම ගංගා ද්‍රෝණිවල ගංවතුර නිම්නවල පදිංචි මහජනතාව සහ එම ප්‍රදේශ හරහා ගමන් කරන ජනතාවගෙන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.