නාය යාමක් හේතුවෙන් බදුල්ල බිබිල මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමාකර ඇති බව පස්සර පොලිසිය පවසනවා.
පස්සර පේරාදෙණිය වෙන්කලාඩි ඒ පහ මාර්ගයේ 143 /144 කිලෝමීටර් කණුව අතර ප්රදේශයේ මාර්ගය ඉහළින් ඇති කන්ද පසුගියදා නාය යාමට ලක්වුණා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් එම ස්ථානය ඊයේ දිනයේ පරීක්ෂා කර තිබෙනවා.
ඒ අනුව ලබාදුන් නිර්දේශවලට අදාළව අද උදෑසන 6.30 සිට සවස 6 දක්වා රථවාහන ධාවනයට මාර්ගය විවෘත කෙරෙන අතර සවස 6.00 සිට උදෑසන 6.00 දක්වා මාර්ගය වසා තැබෙනවා.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මාර්ගය විවෘතව තබන වේලාවන් වෙනස් විය හැකි බවයි පස්සර පොලිසිය පවසන්නේ.