හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර 340ක් එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාරවලින් පුද්ගලයන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ටෙල් අවීව් අගනුවර ප්‍රදේශ රැසකට මෙම ප්‍රහාර එල්ලවී ඇති බවයි හිස්බුල්ලා සටන්කාමීන් පවසන්නේ.
මේ අතර ඊශ්‍රායලය ද ලෙබනනයට එල්ලකරන ගුවන් ප්‍රහාර තවත් වැඩිකර තිබෙනවා.
ලෙබනන අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ එළඹෙන ජනවාරි මාසය තෙක් එරට පාසල් නිවාඩු ලබා දී ඇති බවයි.
මේ අතර ඊශ්‍රායලය ගාසා තීරයේ කමල්අද්වාන් රෝහල ඇතුළු ඉලක්ක කිහිපයක් වෙත එල්ල කළ ප්‍රහාරවලින් වෛද්‍ය කණ්ඩායම් මෙන්ම රෝගීන් රැසක්ද තුවාල ලබා තිබෙනවා.
ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් 44221 දෙනෙකු මිය ගොස් ඇති අතර ලෙබනනයේ 3754 දෙනෙකු මියගොස් තිබෙනවා.