අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
උසස් පෙළ විභාගය මධ්‍යස්ථාන 2,312 කදී සියල්ල සූදානම් කර තිබෙනවා.
සමස්ත අයදුම්කරුවන් 333,183ක් විභාගය සඳහා පෙනී සිටින අතර ඉන් 253,390ක් පාසල් අයදුම්කරුවන් බවත් 79,793 පෞද්ගලික අයදුම්කරුවන් බවයි විභාග දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.
මෙවර විභාග ශාලා තුළ ජංගම දුරකතන භාවිතයට අවසර හිමි වන්නේ විභාග ශාලාධිපතිවරුන්ට පමණක් වන අතර සහකාර විදුහල්පතිවරුන්ට හෝ කාර්ය මණ්ඩලයට විභාග මධ්‍යස්ථාන තුළ ජංගම දුරකතන භාවිතයට අවස්ථාව නොලැබෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවා.