හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් හෙට (25) දිනයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට ඊට අවශ්‍ය පියවර ගෙන තිබෙන බව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධිකරණ ඒකකය සඳහන් කරනවා.
එහි සහකාර අධ්යක්ෂ ලුතිතන් කර්නල් කැළුම් කුඩාගමගේ මහතා සඳහන් කළේ, හෙට (25) දිනයේ ගංවතුර තත්ත්වයක් පැවතියොත් සිසු සිසුවියන් විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා අවශ්‍ය නාවික හමුදා බෝට්ටු, ට්‍රැක්ටර් ඇතුළු බොහෝ දේ සුදානම් කර ඇති බවයි.
එමෙන්ම, කිසියම් ආපදා තත්ත්වයක් හමුවේ විභාගය සඳහා ගමන් කිරීමට ගැටලුවක් පවතින්නේ නම් පැය 24 පුරා ක්‍රියාත්මක 0412 234 134 දුරකථන අංකයට දුරකථන ඇමතුමක් ලබා දී අවශ්‍ය සහාය ලබා ගැනීමට කටයුතු කරන ලෙසටද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.