ප්‍රදේශ කිහිපයකට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගංගා දෙපස පදිංචිකරුවන් දැඩිලෙස විමලිසිමත් වන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකතු කරමින් සදහන් කරන්නේ ගංගා 12 ක ජලමට්ටම් සීඝ්රයෙන් ඉහළ යමින් පවති බවයි.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපයත් සමග උතුර උතුරු මැද නැගෙනහිර පළාත් ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමිටර් 150 ඉක්මවූ වැසි ඇති වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
ඒ අනුව මේ වන විටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගංගා රෝණි රැසක ගංවතුර අවදානමක් ඇති විය හැකි බව ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
මල්වතු ඔය, කලා ඔය, කනගරායන් ආරු, පරංගි ආරු, මාඔය, යාන් ඔය, මහවැලි ගඟ, මාදුරු ඔය, මුන්දෙනි ආරු, ගල්ඔය, හැඩ ඔය සහ විලඔය යන ගංගා ආශ්‍රිතව පදිංචිව සිටින පිරිස් විමසිල්ලෙන් සිටිය යුතු බවටයි දැනුවත් කෙරෙන්නේ.