යුද හමුදා අන්තර් රෙජිමේන්තු ආධුනික කබඩි තරගාවලියේ ශුරතාව ඉංජිනේරු සේවා රෙජිමේන්තුව හිමිකර ගෙන තිබෙනවා.
තරගාවලිය පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පසුගිය 21 සහ 22 දිනයන්හිදී පැවැත්වුණා.
රෙජිමේන්තු 12ක ක්‍රීඩකයින් සියයකට වැඩි පිරිසක් තරගාවලියට එක්ව සිටියා.
ඉංජිනේරු සේවා බලකාය සහ ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර ශූරතාව දිනාගත්තේ ඉංජිනේරු සේවා රෙජිමේන්තුවයි.
මෙහි ආරාධිත අමුත්තා ලෙස එක්වූයේ ශ්‍රී ලංකා යුද හමුදා මූල්‍ය කළමනාකරණ අධ්යක්ෂ ජනරාල් යුද හමුදා කබඩි ක්‍රීඩා කමිටු සභාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත අබේසිංහ මහතායි.
ජයග්රාහකයින්ට ජය සංකේත ප්රදානය ඒ මහතා අතින් සිදුකෙරුණා.