මෙම වසරේ දී ඉන්දීය ධීවරයින් 497 දෙනෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා සදහන් කළේ ධීවර යාත්‍රා 66ක පැමිණි ධීවරයින් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
ශ්‍රී ලාංකීය ධීවරයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ධීවර ගැටලු නිරාකරණය වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් මෙම වැටලීම් සිදුකරනවා.
තහනම් ධිවර ආම්පන්න භාවිත කරමින් මුහුදු සීමා උල්ලංඝනය කර ධිවර කර්මාන්තයේ නිරතවීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙනවා.
ඒ අනුව මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීම අරමුණු කර ගනිමින් අඛණ්ඩව වැටලීම් සිදුකරන බවයි නාවික හමුදාව පවසන්නේ.