නිවසක පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොනරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් පිරිසක් වැටලීම සිදු කළේ කුඹුක්කන ප්රදේශයේදීයි.
වැටලීම සිදු කරන අවස්ථාව වන විටත් ගව මස් අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.
කාන්තාව මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය විමර්ශන සිදු කරනවා.