එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සහ විමර්ශන පුළුල් කර තිබෙනවා.
පාරිභෝගිකයින් මුහුණදෙන ගැටලු අවම කිරීම සඳහා මෙම විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසන්නේ.
එළඹෙන උත්සව සමයේ දී ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බැවින් පාරිභෝගික ජනතාවට උපරිම සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් වැටලීම් අඛණ්ඩව සිදුකෙරෙනවා.
ලබන 15 වනදා සිට දීපව්‍යාප්තව වැටලීම් සිදුකිරීමට නියමිතයි.
කල් ඉකුත්වූ භාණ්ඩ දින වෙනස් කරමින් වෙළෙඳපොළට ලබාදීම , මිල ගණන් ඉහළ නංවමින් වැඩි මිලට භාණ්ඩ අලෙවිය ඇතුළු ගැටලු රැසක් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට පැමිණිලි ලැබී තිබෙනවා.
ඒ අනුව ක්ෂණික වැටලීම් සිදුකිරීමට සැළසුම්කර ඇති අතර තවදුරටත් 1977 දුරකතන අංකයට තොරතුරු ලබාදෙන ලෙසයි පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.