ලක්ෂ 80 ක් පමණ වටිනා අම්බර් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යුද හමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුරකට අනුව නොච්චියාගම දූෂණ මර්දන ඒකකය වැටලීම සිදු කළේ අනුරාධපුර ප්රදේශයේදීයි.
අම්බර් කිලෝග්රෑම් එකකට ආසන්න ප්රමාණයක් සොයා ගැණුනා.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 80 ක් පමණ වන බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරුන් තංගල්ල සහ ගලෙන්බිදුනුවැව ප්රදේශවල පදිංචිකරුවන්.
ඔවුන් අනුරාධපුර මහේස්ත්රාත් අධිකණර්යට ඉදිරිපත් කිරීමටයි නියමිත.