නිල්වලා ගඟේ ජල මට්ටම සුළු ගංවතුර තත්ත්වයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන්.
තලගහගොඩ ප්රදේශයෙන් නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
පානදුගම ප්රදේශයේ වර්ධනය වෙමින් තිබූ සුළු ගංවතුර මට්ටම මේ වන විට පහළ යමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.