තේරී පත්වූ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය රජයේ කෘෂිකර්ම ලේකම් ධුරය සඳහා බෘක් රෝලින්ස් නම් කර තිබෙනවා.
මෙම පත්කිරීමත් සමග ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලය සම්පූර්ණ වනවා.
කෘෂිකර්ම ලේකම්වරිය ලෙස පත්කළ බෘක් රෝලින්ස් ට්‍රම්ප්ගේ දිගුකාලීන මිතුරියක් ද වනවා.
මීළඟ කෘෂිකර්ම ලේකම්වරිය ලෙස රෝලින්ස් ඇමරිකානු ගොවීන් ආරක්ෂා කිරීම සඳහා නායකත්වය දෙනු ඇති බව ප්‍රකාශයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියා.
ඇමරිකා ෆස්ට් ප්‍රතිපත්ති ආයතනයේ සම නිර්මාතෘ හා සභාපති ලෙස බෘක් රෝලින් වසර ගණනාවක් සේවය කළා.
එමෙන්ම මීට පෙර පැවති පළමු ට්‍රම්ප් පරිපාලනය තුළ ධවල මන්දිර සහායිකාවක් හා ඇමරිකානු නවෝත්පාදන කාර්යාලයේ අධ්යක්ෂ මෙන්ම දේශීය ප්‍රතිපත්ති කවුන්සිලයේ වැඩබලන අධ්යක්ෂ ලෙස ද ඇය සේවය කර තිබෙනවා.
ටෙක්සාස් ඒ ඇන්ඩ් එම් විශ්ව විද්‍යාලයෙන් කෘෂිකර්ම සංවර්ධනය පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද හිමි ඇය පසුව නීතීඥවරියක් ලෙස කටයුතු කළා.