තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හත්දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකටයි මෙසේ බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ.
ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල් ගත කල කාන්තාවන් හත් දෙනාගෙන් දෙදෙනෙක් බාහිර රෝගි අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවත්, සෙසු කාන්තාවන් රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන බවයි බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ.ජයසුරිය මහතා කියා සිටියා.
තේ පඳුරක් මත බැඳ තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි කාන්තාවෙකුගේ පයට පැගීම නිසා බඹරුන් ඇවිස්සී තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරු කාන්තාවන් කියා සිටියේ.