ඊශ්‍රායලය මධ්‍යම බේරූට් වෙත එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තිබෙනවා.
එමෙන්ම ගාසා තීරයේ මුස්ලිම් පල්ලියකට හා රෝහලකට ද ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාර වලින් ගාසා තීරයේ ද පුද්ගලයින් 38 දෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ කමල් අද්වාන් රෝහලට හා නුසෙයිරාට්හි අල්-ෆාරුක් පල්ලියට එල්ල වූ ප්‍රහාර වලින්.
මේ අතර ඊශ්‍රායල ප්‍රහාරයකින් මධ්‍යම බීරූට් හි මහල් අටකින් යුත් ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.
ඉන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තවත් 66 දෙනෙකු තුවාල ලබා සිටිනවා.
ඊශ්‍රායලය උතුරු ගාසා තීරයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ප්‍රාණ ඇපයේ සිටි කාන්තාක් මිය ගිය බව හමාස් සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ඊශ්‍රායල ජාතිකයන් දහස් ගණනක් ටෙල් අවිව්හි වීදිවලට බැස සටන් විරාම ගිවිසුමක් ඉල්ලා විරෝධතාවක නිරත වුණා.
ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 44,176දෙනෙකු මිය ගොස් ඇති අතර ලෙබනනයේ පුද්ගලයන් 3,670ක් ද මිය ගොස් තිබෙනවා.