මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්රිය මහතාගේ අම්බලන්ගොඩ පෝරඹ පිහිටි නිවස සොරුන් බිද නිවසේ භාණ්ඩ සොරකම් කර ඇති බවට අම්බලන්ගොඩ පොලිසියට ඒ මහතා පැමිණිලි කර තිබෙනවා.
නිවසේ තිබු රූපවාහිනි යන්ත්රය, ගෑස් සිලින්ඩර දෙකක් සහ වටිනා අත්ඔරලෝසු දෙකක් ඇතුලු භාණ්ඩ කිහිපයක් සොරකම් කර ඇති බවයි මහින්ද දේශප්රිය මහතා පවසන්නේ.
ඒ මහතා ඊයේ (22) දින අම්බලන්ගොඩින් බැහැරට ගොස් ඇති අතර අද (23) සිය නිවසට පැමිණි අවස්ථාවේ නිවසේ දොර කවුරුන් විසින් හෝ කඩා ඇති බව දැක තිබෙනවා.
ඒ අනුවයි ඒ මහතා අම්බලන්ගොඩ පොලිසිය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ.
සොරකම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය හා ඇගිලි සලකුණු අංශය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.