යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව සිවිල් සංවිධාන කිහිපයක් අදත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙරේදා පැවති පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ දීම විපක්ෂ නායකවරයාගේ අසුනෙහි වාඩි වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකළා.
පාර්ලිමේන්තු සාම්ප්රධායට බැහැර වෙමින් ඔහුගේ මෙම ක්‍රියා කලාපය පිළිබද බොහෝ දෙනා කතා බහ කළේ ඒත් සමගයි.
එමෙන්ම මෙම මන්ත්‍රිවරයා ස්ථාන කිහිපයකදීම අර්බුදකාරී ප්‍රකාශ සිදුකළා.
ඔහුගේ ක්‍රියා කලාපය හා ප්‍රකාශ සම්බන්ධයෙන් මේ වන විට සිවිල් සංවිධාන රැසක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේ දී ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් අමාත්‍ය බිමල් රත්නායක මහතා මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වුවා.