සමගි ජනබලවේගයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 05න් ඉතිරිව ඇති මන්ත්‍රී දුර 04 සඳහා අදාළ නම් කල්යල් බලා නිවැරදිව ඉදිරිපත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් ඉතිරි මන්ත්‍රී ධුර සඳහා පත් කිරීම් හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවයි සමගි ජනබලවේගයේ තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.