විදෙස්ගත ශ්‍රමිකයන් සඳහා විද්‍යුත් වාහන ගෙන්වීමට ලබාදී තිබූ බලපත්‍ර දහසක අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත වී ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
ඒ සම්බන්ධයෙන් වූ වාර්තාවක් මේ වන විටත් පාර්ලිමේන්තුවට භාරදී ඇති බවයි එම කාර්යාලය පවසන්නේ.
විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් විද්‍යුත් වාහන ගෙන්වීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදයක් පසුගිය රජය සමයේ ආරම්භ කරනු ලැබුවා.
ඒ සඳහා සුදුසුකම් ලබන විගමනික ශ්‍රමිකයන් සඳහා ඇමෙරිකා ඩොලර් විසිපන් දහසක උපරිමයකට යටත්ව රෝද දෙකකින් යුත් විද්‍යුත් වාහනයක් ද ඇමෙරිකා ඩොලර් 65,000 ක උපරිමයට යටත්ය රෝද 04 කින් යුත් පූර්ණ විද්‍යාත් වාහනයක් ද ආනයනය කිරීමට අවස්ථාව සළසා දී තිබුණා.
කෙසේ වෙතත් මෙතෙක් නිකුත් කර ඇති එවැනි බලපත්‍ර දහසකට ආසන්න සංඛ්‍යාවක් අවභාවිත වී ඇති බවයි ජාතික විගණන කාර්යාලය සිදු කළ විශේෂ විගණනයකදී අනාවරණය වී තිබෙන්නේ.
මේ නිසා සුදුසුකම් ලැබූ විදෙස්ගත ශ්‍රමිකයින් විශාල පිරිසකට එම අවස්ථාව අහිමි වී තිබෙනවා.
එමෙන්ම මෙම වැඩපිළිවෙලේදී තවත් අක්‍රමිකතා රැසක් ද සිදු වී ඇති බවයි ජාතික විගණන කාර්යාලය පවසන්නේ.
ඊට අදාළ විශේෂ විගණන වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට භාර දී තිබෙනවා.
ඒ හරහා රජයට නිර්දේශ ගණනාවක් ද ඉදිරිපත් කර ඇති බවයි ජාතික විගණන කාර්යාලය පවසන්නේ.
මේ අතර තරුණ තරුණියන් විදේශ රැකියා සඳහා පිටත්ව යාමේදී පසුගිය රජය විසින් සිදු කර ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ද තම රජය කටයුතු කරන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර මහතා පවසනවා.
ඊශ්‍රායල් සහ කොරියා රැකියා ලබාදීමේදී තරුණ තරුණියන්ට බොහෝ පීඩාවලට ලක්වීමට සිදු වූ බවත ඔවුන්ට සාධාරණය ඉටු කිරීමට රජයක් වශයෙන් කැපවී සිටින බවයි ඒ මහතා සදහන් කළේ.
කන්තලේ ප්‍රදේශයේ සංචාරයක් සදහා සහභාගී වෙමින් ඒ මහතා මේ බව සදහන් කළා.