ඉදිරි වසර පහේදී ජනතාවට දැනෙන සංවර්ධනයක් සිදු කරන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා පවසනවා.
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් නලින් හේවගේ මහතා පිළිගැනීම සඳහා ගාල්ල ගිංතොට ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.
මෙවර පාර්ලිමේන්තුවේ විපක්ෂයක් නොමැති බැවින් තම රජයේ කටයුතු සාර්ථකව කර ගැනීමට හැකි වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.