බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේදී ක්ෂේත්‍ර චාරිකාවකට ගොස් සිටි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයට අයත් සිසුන් පිරිසක් ගමන් කළ බස් රථයක් පෙරලී සිදු වූ අනතුරෙන් තුවාල ලබා සිටි තවත් සිසුවෙක් අද (23) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 24ක් වූ කයිලනාදන් සිංදුජන් නම් යාපනය කන්දමඩම් ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.
ඔහු යාපනය හිංදු විද්‍යාලයේ ගණින අංශයෙන් උසස් පෙළ හදාරා ඇති සිසුවෙක්.
ඒ අනුව මෙම අනතුරින් මියගිය සංඛ්‍යාව තුනක් දක්වා ඉහළ ගියා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපයේ සිසු සිසුවියන් 41 දෙනෙකු රැගත් මෙම බස් රථය බදුල්ල – දුන්හිඳ ප්‍රදේශයේදී නොවැම්බර් මස 01වනදා අනතුරට ලක්වුණා.