ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ නව රජයේ භාණ්ඩාගාරයට නව නායකත්වයක් නම් කර තිබෙනවා.
ඒ අනුව ස්කොට් බෙසන්ට් එම තනතුර සඳහා නම් කර තිබෙනවා.
තේරී පත් වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය සඳහා ඔහු සමග කටයුතු කරන තම කණ්ඩායම සූදානම් කරගනිමින් සිටිනවා.
භාණ්ඩාගාර ප්‍රධානී ලෙස නම් කළ බෙසන්ට් මීට පෙර මූල්‍ය ක්ෂේත්රයට සම්බන්ධව කටයුතු කළා.
62 හැවිරිදි ඔහු ලබන ජනවාරියේ සිට සිය ධුරයේ කටයුතු කිරීමට නියමිතයි.