2024 වොඒජ් ශ්‍රී ලංකා සමුද්‍ර හා වෙරළ බෝට්ටු නිෂ්පාදන සමුළුව කොළඹ දී පැවැත්වුණා.
සමුද්‍ර හා ජලජීවී වගා සේවා පිළිබද ශ්‍රී ලංකාවේ විශේෂඥ සහ බෝට්ටු මෙන්ම නැව් නිශ්පාදන කර්මාන්තවලදී ශ්‍රී ලංකාවේ ශක්තිය සම්බන්ධයෙන් මෙම සමුළුවේදී අවධානය යොමු කෙරුණා.
රාජ්‍ය හා පෞද්ගලික යන අංශ දෙකේම නියෝජිතයින් ඊට එක්ව සිටියා.
වරාය අධිකාරිය විදේශ කටයුතු අමාත්‍යාංශය , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ,නාවික හමුදාව, සමුද්‍ර කර්මාන්ත සංගමය,කලම්බෝ ඩොක්යාඩ් ඇතුළු ආයතන කිහිපයක් ව්‍යාපෘතිය සමග එක්ව සිටිනවා.
භාණ්ඩ අපනයනයෙන් දැනට උපයන ඩොලර් බිලියන 12ක මුදල 25 දක්වා වැඩි කිරීම රජයේ ඉලක්කය බවයි මෙම අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංජුල විජේසිංහ මහතා කියා සිටියේ.