කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්රදේශයේදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා,
එලෙස ඝාතනය කර ඇත්තේ තණමල්විල ප්රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙක්.
කාන්තාවක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර තිබෙනවා.
ඝාතනයට ලක්වු 36 හැවිදිරි පුද්ගලයා පසුගිය 18 වැනිදා සිට අතුරුදන් බවට පැමිණිල්ලක් ලැබී තිබු බවයි පොලිසිය ප්රකාශ කළේ.
පසුව , සිදු කළ විමර්ශනවලදී අනාවරණයවී ඇත්තේ එම පුද්ගලයා 45 හැවිදිරි තවත් පුද්ගලයෙකු සමග හාමුදුරුකන්ද ප්රදේශයට ගොස් ඇති බවයි.
එම සැකකරු පොලිසිය අත්අඩංගුවට ගෙන ප්රශ්න කර ඇති අතර අතුරුදන්වූ පුද්ගලයාගේ ගෙල කපා හිස කොටස වළ දැමු බව ඔහු පාපොච්චාරණය කර තිබෙනවා.
ඒ අනුව ඝාතනයට ලක්වු පුද්ගලයාගේ හිස සහ කඳ කොටස පොලිසිය සොයා ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් 44 හැවිරිදි කාන්තාවක් ද අත් අඩංගුවට ගෙන තිබෙනවා.