ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දුන් විස්තීරණ ණය පහසුකමේ තුන්වන සමාලෝචනයට එහි නියෝජිතයන් හා ශ්‍රී ලංකා බලධාරීන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹුණා.
මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය අනුමැතිය ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333 ක පමණ මූල්‍ය පහසුකමක් ලබාගැනීමේ අවස්ථාව හිමිවනවා.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘෘවර් මහතා මේ බව ප්‍රකාශ කළා.
මේ වන විට පවතින විධායක මණ්ඩල සමාලෝචනය අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 333 ක පමණ ප්‍රතිපාදන වෙන්වනු ඇති.
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන මූල්‍ය ආධාරය ඇමෙරිකා ඩොලර් මිලියන 1333 ක් දක්වා ඉහළ යනු ඇති.
පසුගිය ඔක්තෝබර් මාසයට පෙර බොහෝ ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.
ලබන අයවැයෙන් ද ආදායම් මාර්ග උත්පාදනය හා වියදම් සීමා කිරීම අවශ්‍ය වන බව මාධ්‍ය හමුවේදී ඇය ප්‍රකාශ කළා.
ආදායම් පාලන ප්‍රතිසංස්කරණ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමට ගන්නා උත්සාහයන් අර්බුදයේ පැනනගින බර බදු ගෙවන්නන්ගේ දායකවීමේ හැකියාවට සමානුපාතිකව බෙදා ගැනීම සහතික කිරීමට උපකාරී වනු ඇත.
මෙම දුෂ්කර අවස්ථාවේ දිලිදු හා අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීමේ වගකීම රජයට පවතී.
විශේෂයෙන් අස්වැසුම ලාභීන් සදහා සපයන ආවරණය වැඩිදියුනු කිරීම එහිදී වැදගත් බවයි ඔහු ප්‍රකාශ කළේ.