2025 වර්ෂයේ වඩාත්ම ජනප්‍රිය තනි සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව පළමු තැනට පත්ව තිබෙනවා.
ලෝකය වටා තනිව ගමන් කරන සංචාරකයන් ලබන වසර සඳහා වෙන් කරගෙන ඇති ජනප්‍රියතම සංචාරක ගමනාන්ත 10 අතර පළමු ස්ථානයට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව ග්ලෝබ් ට්රෙන්ඩර් සගරාව පවසනවා.
ඒ ෆ්ලෑෂ්පැක් සංචාරක සමාගමේ නවතම දත්ත ඇසුරෙන්.
2024 වර්ෂයේ ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 04 වන ස්ථානයයි.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නෙකුට ඉතාම සුන්දර වෙරළ තීරයන් , මිත්‍රශීලී හෝටල් සහ නිවාඩු නිකේතන මෙන්ම රසවත් ආහාර සහ තනිව සංචාරය කරන්නෙක් බලාපොරොත්තු වන සියලුම දේත් අප රටින් සමබරව ලබාගත හැකි බවද එම සමාගම පවසනවා.
2025 වසර සඳහා වන ශ්‍රේණිගත කිරීමේ දෙවන සහ තෙවන ස්ථාන හිමිව තිබෙන්නේ ජපානයට සහ ෆින්ලන්තයටයි.
එම ශ්‍රේණිගත කිරීමේ අවසන් ස්ථානය ගෝතමාලාවට හිමිව තිබෙනවා.