ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු බ්‍රිතාන්‍යයට ඇතුළු වුවහොත් අත්අඩංගුවට පත්වනු ඇති බව එරට අගමැති කාර්යාලය පෙන්වා දෙනවා .
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමිනුයි ඩව්නිං වීදියේ පිහිටි අගමැති කාර්යාලය මේ බව පෙන්වා දෙන්නේ.
බ්‍රිතාන්‍ය රජය එහි ජාත්‍යන්තර නීතිමය බැඳීම් ඉටු කරන බව එම කාර්යාල ප්‍රකාශකයෙක් පැවසුවා.
යුද අපරාධ සම්බන්ධයෙනුයි බෙන්ජමින් නෙතන්යාහුට චෝදනා එල්ල වී ඇත්තේ.
ඊශ්‍රායල හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් හට ද එම චෝදනා එල්ල වුණා.
බ්‍රිතාන්‍යය ඇතුළු ජාත්‍යන්තර අපරාද අධිකරණයේ සාමාජික රටවල්, එහි වරෙන්තු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට බැඳී සිටිනවා.