ජාතික සමගිය ආගමික සුහදත්වය සංහිදියාව වැඩි දියුණු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සඳහා සන්නිවේදන සහ තාක්ෂණික උපකරණ බෙදාදීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතාගේ සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී Julie .J. Chung මහත්මියගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය, පිහිටි ජාතික ඒකාබද්ධතා අංශ කාර්යාලයේදී අද ( 22) පෙරවරුවේ සිදු වී තිබෙනවා .
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙහෙයවීම මත ජාත්‍යන්තර සංවර්ධනය සදහා වු එක්සත් ජනපද නියෝජිතායතනයේ ( USAID) SCORE ව්‍යාපෘතිය මේ සදහා අනුග්‍රහය ලබා දී තිබෙන බවයි සඳහන් වන්නේ .
ලැප්ටොප් පරිගණක 61 ක් ඇතුළු සන්නිවේදන හා තාක්ෂණික උපකරණ බෙදාදීම මෙහිදී සිදු වු අතර, පරිගණක උපකරණ බෙදාදීමට අදාළව ලිපි ලේඛණ හුවමාරු කිරීම ද මෙහිදී සිදු වී තිබෙනවා .
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ SCORE ව්‍යාපෘතියේ ක්‍රියාකාරකම් අංශයේ ප්‍රධානී J.Kaartthigeyan සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශයේ අතිරේක ලේකම් පී.කුගනාදන් යන මහත්වරුන් උපකරණ ලබාදීමට අදාළ ලිපි ලේඛණ සඳහා අත්සන් කර තිබෙනවා .
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය විසින් SCORE ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් දිස්ත්‍රික්ක 25 ම ආවරණ වන පරිදි පසුගිය වසර දෙකක කාලය තුළ ජාතික ඒකාබද්ධතා නිලධාරීන් සඳහා පුහුණු වැඩ සටහන් 368 ක්ද ක්‍රියාත්මක කර තිබෙනවා