නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා .
ඔහු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සිවිල් ක්‍රියාකාරිකයින් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ .
මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව අසුන් වෙන් කර නොතිබූ බැවින් ඊයේ (21) දිනයේ මන්ත්‍රීවරුන්ට ඕනෑම අසුනක අසුන්ගැනීමට අවස්ථාව සලසා දී තිබූ අතර එහිදී යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මැතිසබයේ විපක්ෂ නායකට පිරිනැමෙන අසුනේයි වාඩිවී සිටියේ.
තමා අදහන දෙවියන් ප්රභාකරන් බව ඒ මහතා ප්‍රකාශ කිරීම දඩුවම් ලැබිය හැකි අපරාධමය වරදක් බවයි පැමිණිල්ල ඉදිරිපත් කළ සිවිල් ක්‍රියාකාරීන් කියා සිටින්නේ..