නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වූ දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මහනුවර නගරයේ වෙළඳසැලක කළ වැටලීමකදීයි මෙම දුම්වැටි තොගය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණේ.
තීරු බදු නොගෙවා හොර රහසේ මෙම දුම්වැටි තොගය ගෙන්වා ඇත්තේ මහනුවර ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ අයුරින් ගෙන්වූ දුම්වැටි පන්දහසක් අලෙවි කිරීමට උත්සහ කළ අවස්ථාවේදීයි මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.