ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ජපාන තානාපති අකියෝ ඉසොමාටා (Akio ISOMATA) මහතා අතර හමුවක් අද (22) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු වී තිබෙනවා .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්රමුඛ නව රජයට සුබ පැතුම් එක් කළ ජපාන මහ කොමසාරිස්වරයා, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බවයි සඳහන් කර ඇත්තේ .
නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර රටක් බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්රතිපත්තිය පිළිබඳව ජපාන රජයේ ප්රශංසාව පළ කළ අකියෝ ඉසොමාටා මහතා ශ්රී ලංකා නව රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලබාදිය හැකි උපරිම සහාය ලබාදෙන බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා .