Whatsapp සමාගම විසින් නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා
ඒ අනුව වෙනත් අයෙක් වෙත යොමු කරන ලබන හඬ පණිවුඩයක්, ඝෝෂාකාරි ස්ථානයකදී ලිඛිත පණිවුඩයක් ලෙස කියවිය හැකි බවට එම විශේෂාංගය හදුන්වා දී තිබෙනවා .
පිටපත් සම්පූර්ණයෙන්ම පරිශීලකයින්ගේ උපාංග මත සකසනු ලබන බවයි සඳහන් වන්නේ .
WhatsApp හෝ තෙවන පාර්ශවයන්ට හඬ පණිවිඩ හෝ ඔවුන්ගේ පෙළ අනුවාදවලට ප්‍රවේශ විය නොහැකි බව එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා .
අදාළ පණිවුඩ තෝරාගත් භාෂාවලින් පමණක් නිකුත් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ .
මෙම විශේෂාංගය ඉදිරි සති කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ .