බත්තරමුල්ල නගරය හරහා ධාවනය වූ සුඛෝපභෝගි මෝටර් රථයක හදිසියේ ඇති වූ ගින්නක් හේතුවෙන් එම රථය සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති බව කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පවසනවා .
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ .
බත්තරමුල්ල දෙස සිට කොස්වත්ත දෙසට අද (22) දා උදෑසන ධාවනය වූ මෙම මෝටර් රථයේ ඉදිරිපසින් කිසියම් දුමක් පිටව ඇති අතර පසුව එය ගින්නක් දක්වා වර්ධනය වී තිබෙනවා .
පසුව එම රථයේ පැමිණි පිරිස හා ප්‍රදේශවාසීන් එක්ව එම ගින්න පාලනය කිරීමට උත්සාහ දැරුවත් එය ව්‍යර්ථ වීම නිසා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවීම් ඒකකයට දන්වා තිබෙනවා .